Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජන සෙවණ ජනතාවට තදින් දැනුණු ජාතික ව්‍යාපාරයක්

ජන සෙවණ ජනතාවට තදින් දැනුණු ජාතික ව්‍යාපාරයක්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ

MP_WW_Kolonnawa‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ අනුව සැමට සෙවණක් යන සංකල්පය අනුව ‘ජන සෙවණ’ නිවාස වැඩසටහන ආරම්භ කළ බවත්, අද වන විට එය මුළු මහත් ජන සමාජයට ම තදින් දැනුණු ජාතික ව්‍යාපාරයක් වී අවසන් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය  විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොලොන්නාවේ පවුල් 102ක් වෙනුවෙන් රුපියල් මිලියන 15.3ක් වටිනා නිවාස මුල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

‘වර්තමානයේ දී අපේ අමාත්‍යාංශය පමණක් නොව තවත් අමාත්‍යාංශ කිහිපයක් එක් වී ජනතාවගේ නිවාස ප්‍රශ්නයට තිරසාර විසඳුමක් සෙවීමට අවශ්‍ය පියවර සකස් කරමින් සිටිනවා’.

අද වන විට කවර සංවර්ධන දර්ශකයෙන්, කවර මිම්මෙන් බැලුවද ශ්‍රී ලංකාවේ ඉතා දියුණු මට්ටමක සිටින  පිරිසක් අධි සුඛෝපභෝගී ජීවිත ගතකරද්දී සමාජයේ තවත් විශාල පිරිසක් ඉතා දුක්ඛිත තත්ත්වයෙන් සිටින්නේ නම් එය නියම සංවර්ධනයක් විය නොහැකි බවද ඔහු කීය.

ශ්‍රී ලංකාව ගමන් කරන්නේ මහජන සුබසාධනය සහිත ආර්ථික ප්‍රතිපත්තියකට බවත් ගොවියන්ට සහනදායී ලෙස පොහොර ලබා දෙන වෙනත් කිසි ම රටක් ලෝකයේ නොමැති බවත් සඳහන් කළ අමාත්‍ය වීරවංශ මහතා එය එක් පැත්තකින් පාරිභෝගිකයාට දෙන සහනාධාරයක් බවත් පැවසීය.

‘වෙන ආණ්ඩු ඉන්නේ සහනාධාර, ජනතා සුබසාධන කපන්න බලාගෙන. එහෙත් මේ ආණ්ඩුව මුලින් වී ගොවියාට දීපු පොහොර සහනාධාරය අනෙක් ගොවියන්ටත් දෙන්නට තරම් ජනහිතවාදී එකක්. ඒකයි මේ ආණ්ඩුවේ වෙනස’.

වත්මන් ආණ්ඩුව දිනෙන් දින ජනතා ප‍්‍රසාදය ලබාගන්නේ ඔවුන් නිරන්තරයෙන් ම ජනතාවගේ පැත්තෙන් තීන්දු, තීරණ ගන්නා නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.


DB

MP_WW_Kolonnawa_1MP_WW_Kolonnawa_2MP_WW_Kolonnawa_3

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 12:09