Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ඉදිරියේ දී අඩුපාඩුවකින් තොර ව පාසැල් නිල ඇඳුම්

ඉදිරියේ දී අඩුපාඩුවකින් තොර ව පාසැල් නිල ඇඳුම්

  • පී.ඩී.එෆ් (PDF)

ඉදිරි වසරවලදී කිසිම අඩුපාඩුවකින් තොර ව පාසැල් නිල ඇඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

පාසැල් නිල ඇඳුම්වල ගුණාත්මකභාවය  සම්බන්ධයෙන් ද සොයා බලන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නිල ඇඳුම් සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමාදයක් පවතින බව පැවසූ අමාත්‍යවරයා ප්‍රමාදයක් සිදු කරන සැපයුම්කරුවන් සමඟ ඉදිරියේ දී ගනුදෙනු නොකරන බවද කීය.

පාසැල් නිල ඇඳුම් දේශීය සැපයුම්කරුවන්ගෙන් ලබා ගැනේ.

2011 වසරේ රජයේ පාසැල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව 30,32,722කි. ඔවුන් අතරින් නොමිලේ පාසැල් නිල ඇඳුම් ලබාදෙන සිසුන් සංඛ්‍යාව 30,32,722කි.

2011 වසර සඳහා පාසැල් නිල ඇඳුම් දිස්ත්‍රික්ක දෙකක හැර අනෙක් සියලු දිස්ත්‍රික්කවල බෙදා දී ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

PR/DB