Tuesday, Oct 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ලක්විජය බලාගාරයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රජයට

ලක්විජය බලාගාරයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රජයට

  • පී.ඩී.එෆ් (PDF)
Lakwijaya

පුත්තලම ලක්විජය බලාගාරයේ හිමිකාරිත්වය චීන රජය වෙතින් ශ්‍රී ලංකා රජයට පැවරීම අද (23) ශ්‍රී ලංකාවේ චීන තානාපති යංෂින් පිං මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සිදුකෙරිණි.

ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්.ඩී.එන්. ක්ශේවියර් සහ CMEC සමාගමේ උප සභාපති (Li Chao Yang) ලී චෝ යං යන මහත්වරුන් මෙන්ම  ලංවිම සහ CMEC සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මේ අවස්ථාවට සහභාගි විය.

මීට සමගාමීව පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ දෙරට අතර ගිවිසුම් ප්‍රකාරව මෙම බලාගාරයේ මෙගාවොට් 300ක් සහිත දෙවන අදියර 2013 නොවැම්බර් මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබුණ ද, එම ආයතන නිලධාරීන් සමග  අද පැවැත්වූ සාකච්ඡා අනුව එම ධාරිතාව 2013 මුල් කාර්තුවේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ප්‍රකාශ කර ඇති බවයි.

එමෙන්ම මුල් අදියරේ අවසන් කාර්යක්ෂමතා පරීක්ෂණය සහ පසුගිය වසරේ අග භාගයේ ඇතිවූ හදිසි ගින්නෙන් විනාශයට පත් සල්ෆර් අවශෝෂණ යන්ත්‍රය නැවත ස්ථාපනය කිරීම වෙනුවෙන් මෙම මස 28 වන දින සිට දින 10ක කාලයක් ලක්විජය ගල්අඟුරු බලාගාරය තාවකාලිකව වසා තබන බව ද අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

පවතින සංවර්ධන ක්‍රියාදාමයන් මත 2012 වසරේ මුල් මස වන විට මෙගාවොට් 150ක ධාරිතාවකින් යුත් ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය ද, 2013 මුල් කාර්තුව වන විට මෙගාවොට් 300ක ධාරිතාවකින් යුතු ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන අදියර සහ එම බලාගාරයේ තුන්වන අදියරේ මෙගාවොට් 300ක ධාරිතාව 2014 වර්ෂයේ මැයි මාසය අවසානයට ප්‍රථම ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතය.

මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ CMEC සමාගමේ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ, දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වෙමින් මෙම ගල්අඟුරු බලාගාරය ඉදිකිරීමට දේශීය ඉංජිනේරුවන් ඇතුළු  ලංවිම සමස්ත කාර්ය මණ්ඩලයේ  උපරිම දායකත්වය  තම සමාගමට ලැබුණ බවයි.

සභාව ඇමතූ ලංවිම සභාපතිවරයා සඳහන් කළේ ලක්විජය ගල්අඟුරු බලාගාරය පසුගිය මාස 03 ඇතුළත ජාතික විදුලිබල පද්ධතිය සවිමත් කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් බවයි.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 11:16