Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් දේශීය පොල් තෙල් ගුණාත්මක බවින් ඉහළබව හෙළිවේ

දේශීය පොල් තෙල් ගුණාත්මක බවින් ඉහළබව හෙළිවේ

  • පී.ඩී.එෆ් (PDF)

පොල් පර්යේෂණ ආයතනය දේශීය පොල් තෙල් හා  ෆාම් තෙල් පිළිබඳ කළ අධ්‍යයනයකින් පසු පොල් තෙල් භාවිතය ගුණාත්මක තත්ත්වයෙන් වඩා ඉහළ බව සොයාගත් බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

ලංකාවේ වාර්ෂික පොල් තෙල් අවශ්‍යතාව මෙ.ටො. 150,000ක් වන අතර දැනට ෆාම් තෙල් ලෙස භාවිත වන තෙල් සඳහා රු. මිලියන 15000ක් වැය වන බව එම ආයතනය  පෙන්වා දෙයි.

එමෙන් ම ලංකාවේ නිපදවෙන පොල්වලින් වැඩි ප‍්‍රමාණයක් පොල් තෙල් සඳහාත්  ආහාර පිසීම  සඳහාත්  යොදා ගනී. ආනයනික ෆාම් තෙල් හේතුවෙන්  පාරිභෝගික  ජනතාව වැඩි නැඹුරුතාවක් ෆාම් තෙල්වලට දක්වන බැවින් දේශීය පොල් තෙල්වලට හුරු වීම වඩා වැදගත් බව එම ආයතනය පවසයි.

මේ අනුව සාම්ප‍්‍රදායික කොප්පරාවලින් ලබා ගන්නා දේශීය සුදු  පොල් තෙල් හා නැවුම්  පොල් තෙල්වල නිෂ්පාදනය නගාසිටුවීම වැදගත්  වන අතර ඒ තුළින් ෆාම් තෙල් සඳහා වැය වන දේශීය මුදල් ඉතිරි කරගත හැකි බව ද පොල් පර්යේෂණ ආයතනය වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙම ආයතනය පොල් තෙල් පිළිබඳ කළ පරීක්ෂණයේ දී පොල් තෙල් නිෂ්පාදනය කරන කර්මාන්තකරුවෝද  ඊට සහභාගි වූහ.

ECB