Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනපති අරමුදලින් වෛද්‍යාධාර සඳහා මිලියන 2600ක්

ජනපති අරමුදලින් වෛද්‍යාධාර සඳහා මිලියන 2600ක්

  • පී.ඩී.එෆ් (PDF)
h20e20pic

ජනාධිපති අරමුදලින් වසර පසුගිය වසර තුනේදී වෛද්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 2614.9ක් මුදලක් ලබා දී ඇත.

2008 දී රුපියල් මිලියන 855.9ක් ද 2009 දී රුපියල් මිලියන 919.5ක් ද 2010 දී රුපියල් මිලියන 839.9ක් ද වශයෙන් මෙම ආධාර ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ ඊයේ (23) සභාගත කළ පිළිතුරක සඳහන් වෙයි.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අසා තිබූ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට මෙම පිළිතුරු සභාගත කෙරිණි.

ජනාධිපති ශිෂ්‍යත්ව සඳහා රුපියල් මිලියන 115.4ක් ද සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා සමාජ සුබසාධන කටයුතු සඳහා රුපියල් මිලියන 17.5ක් ද එම තෙවසර තුළ ලබා දී ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේත් ජනාධිපති අරමුදලේ ස්ථාවර තැන්පතුවලින් ලැබෙන පොලිය සහ විවිධ පාර්ශව විසින් කරනු ලබන මුදල් පරිත්‍යාගවලින් ජනාධිපති අරමුදලට මුදල් ආධාර ලැබෙන බව ද පිළිතුරේ සඳහන් වේ.

PR