Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් කළුතර ධීවර කර්මාන්තයට මිලියන 95.38ක්

කළුතර ධීවර කර්මාන්තයට මිලියන 95.38ක්

  • පී.ඩී.එෆ් (PDF)
fishing_boat

2011 දී කළුතර දිස්ත්‍රික්කයේ කරදිය ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 95.38ක මුදලක් වෙන් කොට ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මේ සඳහා ව්‍යාපෘති 66ක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කර තිබෙන අතර ව්‍යාපෘති 49ක් මේ වන විට සම්පුර්ණයෙන් ම අවසන් කර ඇත.

ධීවර කර්මාන්තය සංවර්ධනය, ධීවර කර්මාන්ත යටිතල පහසුකම් සංවර්ධනය හා ධීවර ප්‍රජා සංවර්ධනය යන අංශ යටතේ මෙම සංවර්ධනය කිරීම සිදු කෙරේ.

ධීවර ආම්පන්න ලබා දීම, ධීවර තොටුපොළ සංවර්ධනය, මාළු වෙන්දේසි පොළවල් ව්‍යාප්ත කිරීම, පසු අස්වනු තාක්ෂණය හඳුන්වා දීම, ධීවර දැල් හා ආම්පන්න අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම, ප්‍රජාවගේ ජීවන මට්ටම උසස් කිරීම හා ධීවර පුහුණුව යන ක්ෂේත්‍ර මුල්කරගෙන මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

2010 වර්ෂයේ දී ව්‍යාපෘති 48ක් ක්‍රියාත්මක කර ඇති අතර පුද්ගලයින් 27,000ක් ප්‍රතිලාභ ලැබු බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.

දිස්ත්‍රික්කයේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මාළු බහුල ව සිටින ස්ථාන හඳුනාගැනීමේ ජී.පී.එස්. තාක්ෂණය උපරිම ව යොදා ගැනීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.

දිස්ත්‍රික්කයේ වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 35,000 ඉක්මවයි.

DB /DMU Kalutara