Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් රන්ටැඹේ ජලාශයේ නඩත්තු කටයුතු ගැන ප්‍රචාරය වූ තොරතුරු අසත්‍යයි

රන්ටැඹේ ජලාශයේ නඩත්තු කටයුතු ගැන ප්‍රචාරය වූ තොරතුරු අසත්‍යයි

  • පී.ඩී.එෆ් (PDF)

-         විදුලිබල ඇමති

රන්ටැඹේ ජලාශයේ කෙරුණු නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු පවසන්නේ රන්ටැඹේ ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ගිගාවොට් 0.5ක් බවත්, මහවැලි අධිකාරිය මඟින් නිකුත් කළේ සාමාන්‍ය පරිදි විදුලිය නිෂ්පාදනයෙන් අනතුරුව ජලාශයේ විදුලිය නිපදවන මට්ටමට පහළින් තිබූ ජලය බවත්ය.

එය ගිගාවොට් 0.14ක් වුවද අදාළ අසත්‍ය ප්‍රවෘත්තියේ එම ප්‍රමාණය ගිගාවොට් 15ක් ලෙස සඳහන් වූ බවත්, එය සත්‍ය තොරතුරු සිය ගුණයකින් වැඩිකොට ප්‍රචාරය කිරීමක් බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

පසුගිය ජූනි, ජූලි සහ අගෝස්තු මාස තුන තුළ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල ධාරිතාව 20%ක් පමණ වුවත්, සැප්තැම්බර් මස මුල සිට ලැබුණු වර්ෂාපතනය හේතුවෙන් එය 35%ක් දක්වා වර්ධනය විය.

ඉදිරියේදී ලැබෙන අන්තර් මෝසම් වර්ෂාවත් සමඟ මෙම ප්‍රතිශතය තව තවත් වර්ධනය වී පවතින විදුලි ඉල්ලුමට විසඳුමක් ලැබෙනු ඇතැයි ද රණවක මහතා සඳහන් කළේය.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 05:03