Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ටෙලිකොම්, දේශීය වෙදකම ප්‍රවර්ධනයට සැරසේ

ටෙලිකොම්, දේශීය වෙදකම ප්‍රවර්ධනයට සැරසේ

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා ටෙලිකොම් දූරකතන නාමාවලිය (SLT Rainbow Pages) 2012 වසරේදී දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා කැපවීමට තීරණය කර ඇත.

2011 වසරේ දී ශ්‍රී ලංකා ටෙලිකොම් දූරකතන නාමාවලිය වෙන්වූයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙනි.

දේශීයවත්, අන්තර්ජාතිකවත් අපේ පාරම්පරික වෙදකමට ඉතා ඉහළ ඉල්ලුමක් ගොඩනැගී ඇති බැවින් දේශීය වෙදකම වඩ වඩාත් ප්‍රවර්ධනය කිරීමට මෙය වඩා හොඳ අවස්ථාවක් බව SLT රේන්බෝ පේජස් පවසයි.

දේශීය වෙදකම ප්‍රවර්ධනය, නාමාවලියේ මුල් කවරයට පමණක් සීමා නොකො‍ට නාමාවලිය ඇතුළත දේශීය වෛද්‍ය ශිල්පයේ වැදගත්කම, දේශීය වෛද්‍යවරුන් පිළිබඳ විස්තර, බෙහෙත් පැළෑටි, ඖෂධ වර්ග පිළිබඳ තොරතුරු රැසක් ද ඇතුළත් කෙරේ.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 09:11