Wednesday, Aug 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් පළාත් පාලන ප‍්‍රධානීන් නම් කරන්නේ මැතිවරණයෙන් පසුවයි

පළාත් පාලන ප‍්‍රධානීන් නම් කරන්නේ මැතිවරණයෙන් පසුවයි

  • පී.ඩී.එෆ් (PDF)
24-09-2011_-_03

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහනගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන් නම් කරනු ලබන්නේ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට අනුව යැයි එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.

මෙවර මැතිවරණයේ දී පළාත් පාලන ආයතනවල ප‍්‍රධාන තනතුරු සඳහා නම් කර ඇත්තේ කොළඹ මහනගර සභාවේ පුරපති තනතුර සඳහා පමණක් යැයි ද සඳහන් කළ මහලේකම්වරයා, අනෙකුත් ආයතනවල ප‍්‍රධානීන් නම් කිරීමේ දී මෙයට පෙර පැවැත් වූ මැතිවරණවල දි ගත් ප‍්‍රතිපත්ති තීරණය මෙවර ද ක්‍රියාත්මක කරනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ දෙල්කඳ ජයමාන්න ශාලාවේ දී පසුගිය 24 වෙනිදා පැවති ජනහමුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.

මෙහිදි අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙසේ ද පැවසීය. මෙවර පළාත් පාලන මැතිවරණයේදී කෝට්ටේ මහනගර සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉතාමත් ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. හිටපු මන්තී‍්‍රවරු 9ක් මේ කණ්ඩායමේ ඉන්නවා. කෝට්ටේ මහ නගර සභා මැතිවරණයේ දී කවදාවත් ජයග‍්‍රහණය නොකළ අයුරින් මෙවර සන්ධානය ජයගන්නවා.

කොළඹ අගනගරය කෝට්ටේ හා කඩුවෙල මායිමට ගෙන එන විට කෝට්ටේ සංවර්ධනය සම්බන්ධයෙන් එම මහ නගර සභාවලට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙනවා. 75000ක් වන කෝට්ටේ ඡන්දදායක පිරිස හොඳ දේශපාලන අවබෝධකින් ජීවත් වන පිරිසකි.

වසර 30ක යුද්ධය නිමාකොට ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වත්මන් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ දෙස දේශපාලන දෘෂ්ටිකෝණයෙන් නො ව මේ රටේ පුරවැසියන් ලෙස බලන්නට ජනතාව පෙළැඹී සිටිනවා.

රාජගිරියේ සිට ආරම්භ කළ මං තීරූ 06 මහා මාර්ගය මේ වනවිට පාර්ලිමේන්තු වටරවුම දක්වා ඉදිවී තිබෙනවා. එතැන් සිට කඩුවෙල දක්වා ම එය ඉදිවෙනවා. කොට්ටාවෙන් ආරම්භ වී මාතර දක්වා ගමන් ගන්නා අධිවේගී මාර්ගයේ ප‍්‍රවේශ මාර්ගය වන්නේ හයිලෙවල් මාර්ගයයි. මේ වන විට හයිලෙවල් මාර්ගයේ ඉඩ ප‍්‍රමාණවත් නෑ. මේ නිසා හයිලෙවල් පාර නුගේගොඩ සිට කොට්ටාව දක්වා මං තීරු 4 කින් පුළුල් කිරීමට කටයුතු යොදා තිබෙනවා. යුද්ධය නිසා තැන තැන බෝම්බ පිපුරුණු, ආයොජකයින්, සංචාරකයින් නොපැමිණි රට අවිනිශ්චිත වූ යුගයක් මෙරට තිබුණා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් අද වෙනස් කර ගෙනතිබෙනවා.

එජනිස වෙත එන පිරිසට එන්න එපා, ඔහොම ඉන්න කියා කියමින් ඔවුන් ව නවතා ගෙන ඉන්න අපට සිදු වී තිබෙනවා. සන්ධානය මේ වන විට ජයග‍්‍රහණය කර ඇති නිසා  ඕන කෙනෙක් එන්න උත්සාහ කරනවා. නමුත් සන්ධානයේ අපි බොහෝ දෙනෙක් දේශපාලනය ආරම්භ කළේ අප පැරදී සිටින අවස්ථාවේදීයි.

එජනිස කෝට්ටේ ආසන සංවිධායක හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මහින්ද කුරුවිට යන මහත්වරුන් ඇතුළු විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මෙම ජනහමුව පැවැත්වුණි.

saku