Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පුරන් කුඹුරු අස්වැද්දීමේ දෙවැනි අදියර වැලිගමින් ආරම්භ වේ

පුරන් කුඹුරු අස්වැද්දීමේ දෙවැනි අදියර වැලිගමින් ආරම්භ වේ

  • පී.ඩී.එෆ් (PDF)

පුරන් කුඹුරු අස්වැද්දීමේ දෙවැනි අදියර වැලිගමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇත.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අමාත්‍යාංශය මඟින් රුපියල් ලක්ෂ 38ක මුදලක් වෙන්කර ඇති අතර, ලබන සති කිහිපය ඇතුළත ඒ සඳහා අදාළ ඇල මාර්ග සියල්ල ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ පිළිබඳව අදහස් දැක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා ‍අබේවර්ධන මහතා පැවසුවේ, මෙම වසර අවසන් වන විට වැලිගම ප්‍රදේශයේ අවසන් කළ යුතු කෘෂිකාර්මික ව්‍යාපෘතිවල වටිනාකම රුපියල් ලක්ෂ 4,700ක් වන බවයි. මෙම වැඩපිළිවෙළ එක් අයකුගේ වැඩක් නො ව සියලු  දෙනාට ම පොදු කටයුත්තක් බවත්, මෙයින් ලැබෙන ප්‍රතිලාභ ‍මෙම ප්‍රදේශයේ ජීවත් වන සියලු ම ජනතාවට ඍජු ව භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ECB/S.A.K.U

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 10:31