Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ග්‍රාමීය ජල සම්පාදනය ගැන ජාත්‍යන්තර සමුළුවක් මහනුවර දී

ග්‍රාමීය ජල සම්පාදනය ගැන ජාත්‍යන්තර සමුළුවක් මහනුවර දී

  • පී.ඩී.එෆ් (PDF)

ග්‍රාමීය ජල සම්පාදනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් සැප්තැම්බර් 29, 30 සහ ඔක්තෝබර් 01 දිනවල මහනුවර දී පැවැත්වීමට නියමිතය.

අඹතලේ, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලීය පුහුණු කිරීමේ මධ්‍යස්ථනයේ අද (26) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජල සම්පාදන හා ජලපවාහන අමත්‍යාංශයේ ලේකම් ඒ. අබේගුණසේකර මහතා මේ බව පැවසී ය.

මෙම සමුළුව සඳහා විදේශ නියෝජිතයින් පනහක් පමණ සහභාගී වීමට නියමිත බවත් රටවල් 10 වඩා සහභාගීත්වයක් අපේක්ෂා කරන බවත් රටවල් කිහිපයක ම අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු හා නිලධාරීහු සහභාගී වීමට නියමිත බව ලේකම්වරයා පැවසී ය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සහ ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ වෙයි.

''ප්‍රජාව හා  ජල සේවාවේ තිරසාරත්වයක් ඇති කිරීමේ අභියෝග හඳුනාගැනීම'' මෙවර සමුළුවේ අරමුණ වී ඇත. මේ සැසිවාරය අතරතුර අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විදේශීය අමාත්‍යවරු හා නියෝජිතයින් සමඟ සාකච්ඡා කිරීමටද නියමිත ව ඇතැයි ලේකම්වරයා පැවසී ය.

මේ අවස්ථාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. හෙට්ටිආරච්චි, සාමාන්‍යාධිකාරී කේ.එල්.එල්. ප්‍රේමනාත්, ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ හර්ෂ සූරියාරච්චි, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර/මධ්‍යම) ඩබ්.බී.ජී. ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

PR