Friday, Oct 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් සොබාදහම සුරැකීමේ ආසියා සමුළුවට පරිසර ඇමති එක් වේ

සොබාදහම සුරැකීමේ ආසියා සමුළුවට පරිසර ඇමති එක් වේ

  • පී.ඩී.එෆ් (PDF)
anura_priyasarshana_yapasss

''සොබාදහම සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ'' පස්වැනි ආසියා කලාපීය සංරක්ෂණ සමුළුව අද (26) දකුණු කොරියාවේ දී පැවැත්වෙයි.

දකුණු කොරියාවේ ඉන්ඩියෝන් නුවර සොංග්ඩෝ කොන්සවේසියා හී දී අද පැවැත්වෙන මෙම සමුළුවට පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහභාගී වේ.

''තිරසර සංවර්ධනයෙහිලා ශ්‍රී ලංකාවේ නායකත්වය'' පිළිබඳ ව පරිසර අමාත්‍යවරයා සමුළුවේදී ජාත්‍යන්තරයට විශේෂ විග්‍රහයක් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

හරිත සංවර්ධනය ආශ්‍රිත ව පැවැත්වෙන මෙම සමුළුවට IUCN ලෝක සංරක්ෂණ සංගමය සහ දකුණු කොරියා පරිසර අමාත්‍යාංශය පූර්ණ දායකත්වය  දක්වයි.

මෙම සමුළුවේදී සොබා දහම් සංරක්ෂණය සම්බන්ධ වූ කරුණු රාශියක් සාකච්ඡා කිරීමට නියමිතය. විශේෂයෙන් දැනට ආසියා කලාපයේ පවටින ඉතා දැඩි පාරිසරික හා සංරක්ෂණ ගැටළු පිළිබඳව අවධානය යොමු කෙරේ. මෙහිදී IUCN හී ආසියා කලාපයේ 2013-2016 කාලය සඳහා වැඩසටහන හා ක්‍රියාකාරී සැලැස්ම ද සැලකිල්ලට භාජනය වේ.

PR