Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් බණ්ඩාරනායක ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්

බණ්ඩාරනායක ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්

  • පී.ඩී.එෆ් (PDF)
swrd_memor_horagolla
swrd_memor_horagolla_pm

දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 52 වන ගුණ සමරු උත්සවය අද (26) පෙරවරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්විණ.

මෙහිදි ආගමිකවතාවත්වලින් අනතුරු ව බණ්ඩාරනායක සමාධියට අග්‍රාමාත්‍යවරයා  පුෂ්පෝපහාර දැක්විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය සහ සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය පවුලේ ඥාතීන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වූහ.

එහිදී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද සිහිපත් කරමින් විශේෂ ආගමික වතාවත් සිදු කෙරිණි.

මේ අවස්ථාවට ‍බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් වන රත්නසිරි වික්‍රමනායක, ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක ඇතුළු මැති ඇමතිවරු රැසක් සහභාගි වී සිටියහ.

saku