Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංචාරක දිනය සැමරීමට සීගිරියත් එක් වේ

සංචාරක දිනය සැමරීමට සීගිරියත් එක් වේ

  • පී.ඩී.එෆ් (PDF)
sigiriya

අදට (27) යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් බේරේ වැව අසල පවත්වනු ලබන ප්‍රධාන උත්සවයට සමගාමී ව දිවයිනේ සියලු ම පළාත්වල සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇති අතර ඊට සංස්කෘතික ත්‍රිකෝණය හා ඒකාබද්ධ ව ජෙට්වින් හෝටල් සමූහ ව්‍යාපාරය ද එක් ව සිටී.

ඒ අනුව සීගිරි කෞතුකාගාර පරිශ්‍රයේ දී මෙම උත්සවය අද පෙරවරු 8.30ට සංස්කෘති ත්‍රිකෝණයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය නිමල් වෙල්ගම හා මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් සමරකෝන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

මෙහිදී ජෙට්වින් හෝටල් සමූහ ව්‍යාපාරය අනුග්‍රහයෙන් ලක්ෂ 8ක් පමණ වැය කොට මෙතෙක් සීගිරියට මහත් අඩුපාඩුවක් ව පැවති කසල බ‍ඳුන් ලබාදීම සිදු කෙරේ.

සීගිරිය වැනි ලෝක පූජිත සංචාරක කේන්ද්‍රස්ථානයක් වඩා ආකර්ශනීය තැනක් බවට පත් කිරීමට ප්‍රදේශය පවිත්‍ර ව තබා ගැනීම ඉතා වැදගත් බැවින් ‍ජෙට්වින් හෝටල් සමූහ ව්‍යාපාරයේ සභාපති හිරාන් කුරේ මහතාගේ මඟපෙන්වීම යටතේ එම පියවර ගෙන තිබේ.

සංචාරක කර්මාන්තයේ නියැළී සිටින්නන් මෙවැනි ආදර්ශයන් ලබාදීම තුළින් අද  සීග්‍රයෙන් දියුණු වන සංචාරක ක්ෂේත්‍රයට අත්වැලක් සැපයීම ඔවුන්ගේ අරමුණ බව ජෙට්වින් හෝටල් සමූහයට අනුබද්ධ සීගිරිය විල්උයන හෝටලයේ සහකාර කළමනාකරු ඉන්දික ගමගේ මහතා පැවසීය.

saku

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 03:50