Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජපානයේ ඇඟලුම් රැකියා අවස්ථා විවර වේ

ජපානයේ ඇඟලුම් රැකියා අවස්ථා විවර වේ

  • පී.ඩී.එෆ් (PDF)
FEB_2_2011-09-27

ශ‍්‍රී ලංකාවට මෙතෙක් විවෘත නො වූ ජපානයේ ඇඟලුම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ලබන වසරේ සිට ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් යැවීමට අවස්ථාව ලැබී ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප‍්‍රකාශ  කරයි.

ජපානයේ රැකියා සඳහා ශ‍්‍රමිකයන් බඳවා ගන්නා ආයතනවල සහ ජපානයේ කර්මාන්ත ශාලා කිහිපයක ප‍්‍රධානීන්ගෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක්, රණවක මහතා සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අනාවරණය කර ඇත.

ජපානයේ රැකියා සඳහා බඳවා ගන්නා ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ප‍්‍රමාණය වැඩි කරගැනීම මෙම නියෝජිත පිරිසේ අරමුණ වී තිබේ.

ඇඟලුම් ක්ෂේත‍්‍රයේ පමණක් නො ව එරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සහ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල සේවය සඳහා පුහුණු අභ්‍යාසලාභීන් ලෙස ශ‍්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට ද මෙම නියෝජිත පිරිස එකඟතාව පළකර ඇත.

මේ අනුව 2012 වසරේ සිට ජපානයේ රැකියා සඳහා යවන ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගත හැකි අතර ඇඟලුම් කම්හල්වල රැකියා අවස්ථා සඳහා තරුණියන්ට ද වැඩි අවස්ථාවක් සැලසේ.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 04:51