Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ළමා චිත්‍රපට සතිය

ළමා චිත්‍රපට සතිය

  • පී.ඩී.එෆ් (PDF)
vidhu_poster

අශෝක හඳගමගේ ‘විදූ’ අද

ලෝක ළමා දිනට සමගාමී ව පැවැත්වෙන ළමා චිත්‍රපට ප්‍රදර්ශන සතියේ, අශෝක හඳගමයන්ගේ ‘විදූ’ චිත්‍රපටය අද (27) ප්‍රදර්ශනය කෙරේ.

ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි NFC සිනමා ශාලාවේදී පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා කටයුතු සංවිධානය කර ඇත.

ළමා නිවාසවල නේවාසික ව සිටින ළමුන් සහ තෝරාගත් පාසැල් කිහිපයක ළමුන් සඳහා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. ඊට අමතර ව දිනකට දරුවන් 75 දෙනෙකුට තම භාරකරුවකු සමඟ පැමිණ මෙම චිත්‍රපට නැරඹීම සඳහා අවස්ථාව හිමි වේ.

මෙම චිත්‍රපට නැරඹීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ශ්‍රී ලංකා ළමා උපකාරක ‍දූරකතන අංකය වන 1929 වෙත ඇමතීමෙන් ඒ සඳහා ආසන වෙන්කරවා ගත හැකිය.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 08:21