Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් දොරමඬලාව ගම්මානයට ලංකා බැංකුවෙන් සෙවණ

දොරමඬලාව ගම්මානයට ලංකා බැංකුවෙන් සෙවණ

  • පී.ඩී.එෆ් (PDF)
BOC

මිහින්තලය ප්‍රදේශයේ ඇති පැරණිතම ගම්මානයක් වන දොරමඬලාව ගම්මානය සංවර්ධනය කර සංවර්ධිත ගම්මානයක් බවට පත් කිරීමේ පූර්ණ දායකත්වය ලංකා බැංකුව මඟින් සිදු කෙරේ.

ඒ අනුව දැනට අතිදුෂ්කර, අවම පහසුකම් මධ්‍යයේ ඇති මෙම ගම්මානය ආදර්ශ ගම්මානයක් ලෙසින් සංවර්ධනය කෙරෙන අතර, ඒ සඳහා නවීන පහසුකම්වලින් යුතු රෝහල්, පාසල් ඇතුළු ප්‍රධාන පහසුකම් රැසක් ලබාදීමට කටයුතු යොදා ඇති බව ලංකා බැංකුව පවසයි.

එමෙන් ම රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර ස්වාභාවික පොහොර හා කෘමිනාශක භාවිත කරමින් සකස් කරන ලද කෘෂි භෝග ව්‍යාපෘතියක් ක්‍රියාවට නැංවීම සඳහා ද මේ යටතේ පියවර ගෙන ඇත.

ගම්මානයේ ජනතාවට අවශ්‍ය බැංකු කටයුතු සිදුකර ගැනීම සඳහා දැනටමත් දොරමඬලාව ගම්මානය තුළ ලංකා බැංකුවක් ස්ථාපනය කර ඇති අතර, ජන හද හඳුණන බැංකුවක් ලෙසින් ලංකා බැංකුව මඟින් ලබා දෙන සියලු ම පහසුකම් මෙම ගම්මානයේ වැසියන්ට ද මේ ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා බැංකුව වැඩිදුරටත් පවසයි.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:18