Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් පැළ තවාන්වල ගුණාත්මක නැංවීමට මිලියන 19.6ක ආධාර

පැළ තවාන්වල ගුණාත්මක නැංවීමට මිලියන 19.6ක ආධාර

  • පී.ඩී.එෆ් (PDF)
R_K___2011-09-27___________11

දිවිනැගුම ජාතික වැඩසටහන යටතේ ජනතාව වෙත ලබාදීම සඳහා පැළ ලක්ෂ 9ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් පැළ තවාන් මඩු 150ක ගුණාත්මක බව ඉහළ නැංවීමට රුපියල් මිලියන 19.6ක මුදලක් ඊයේ ‍(26) පැළ තවාන්කරුවන් වෙත පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බෙදාදෙන ලදී.

මේ සඳහා දිස්ත්‍රික්ක 15ක පැළ තවාන්කරුවන් 150ක් සහභාගී වූ අතර, දැල් ආවරණ සහ යකඩ බට උපයෝගී කර ගනිමින් පැළ තවාන්වල ගුණාත්මක බව ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා මෙම මුදල් ලබා දෙන ලද බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මහ කන්නය තුළ ගුණාත්මක බවින් ඉහළ සුළු අපනයන භෝග රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයන් මෙමඟින් බලාපොරොත්තු වන අතර, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් බලාපොරොත්තු වන ස්ථීරසාර ගෙවත්තක් නිර්මාණය කිරීමෙහිලා මෙම වැඩසටහන ඍජු ව ම දායක වන බව එම අමාත්‍යාංශ වැඩිදුරටත් පවසයි.

මෙම ආධාර මුදල් බෙදාදීමේ උත්සවය, සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන, සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍යාංශ ලේකම් වජිර නාරම්පනාව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:31