Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාසැල් දරුවන් වැඩිහිටි පිරිසට ආදර්ශයක්

පාසැල් දරුවන් වැඩිහිටි පිරිසට ආදර්ශයක්

  • පී.ඩී.එෆ් (PDF)
lakshman_yapa_abeywardena

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

වර්තමාන කොළඹ ඒ ආකාරයෙන් ම තබා ගැනීමට අවශ්‍ය බව කියන වැඩිහිටි පිරිසට පාසැල් දරුවන් කලම්බු වෝල් චිත්‍රයෙන් හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

සංචාරකයින් වැඩි පිරිසක් රටට ගෙන්වා ගැනීමට නම් රට වෙනස් විය යුත්තේ කෙසේ ද යන්න එයින් පැහැදිලි වන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශයන් හි වෙසෙන තම මිතුරු මිතුරියන්ට ශ්‍රී ලංකාවේ අසිරිමත් බව පිළිබඳ ව තොරුතුරු සපයන්නයැයි ඉල්ලීමක් කළ අතර අපේ ප්‍රචාරයට වඩා ඔබේ ප්‍රචාරයට දක්වන ප්‍රතිචාර ඉහළ බව ද කීය.

සංචාරකයන්ගේ පැමිණීම 8%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අපේකම ගැමිකම ආරක්ෂා කරගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි ද පැවසීය.

සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි අවස්ථාවක් ඇත්තේ රට අභ්‍යන්තරයේ යැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා ඒ අනුව රට අභ්‍යන්තරයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

ඉදිරියේ දී පුද්ගලයින් 7කින් එක් පුද්ගලයෙකු සංචාරක කර්මාන්තය මත යැපෙන්නෙකු බවට පත් වන බවත් වෘත්තීය හැකියාවන් දියුණු කර ගනිමින් රැකියාවේ සංධිස්ථානයක් බවට සංචාරක ව්‍යාපාරය පත් කර ගන්නා ලෙස අමාත්‍යවරයා සිසුන්ගෙන් ඉල්ලීය.

මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන්, අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු බස්නාහිර පළාත් පාසැල් නියෝජනය කරමින් පාසැල් සිසු සිසුවියන් විශාල පිරිසක් ද සහභාගි වුහ.

DB