Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක සංචාරක දිනය වෙනුවෙන් සමරු මුද්දර 10ක්

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සමරු මුද්දර 10ක්

  • පී.ඩී.එෆ් (PDF)
stamp

ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය  සංචාරක ප්‍රවර්ධනයට අදාළ තේමා 8ක් මුල් කරගනිමින් මුද්දර 10ක් නිකුත් කළ අතර එහි ප්‍රථම මුද්දර පෙළ තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි කාරියවසම් හා සංචාරක මණ්ඩලයේ සභාපති නාලක ගොඩහේවා මහත්වරුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ඒ අනුව රුපියල් 5ක වටිනාකමකින් යුත් තැපැල් මුද්දර 4ක් ද, රුපියල් 15ක වටිනාකමින් යුත් මුද්දර 2ක් ද, රුපියල් 30, 35, 40, 45 වටිනාකම්වලින් යුතු මුද්දර එක බැගින් ද නිකුත් කරනු ලැබීය.


DB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 10:05