Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් 2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

  • පී.ඩී.එෆ් (PDF)
DOG

ලෝක ජලභීතිකා දිනය අදට (28) යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

ලෝක ජලභීතිකා දිනයේ මෙවර තේමාව ''2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්, සියලු සුනඛයින් එන්නත් කරමු යන්නයි.''

දැන්වීම්, පෝස්ටර්, බැනර් හා ස්ටිකර් ප්‍රදර්ශනය අද සිදුකෙරෙන බවත් ලබන 30 වැනි දින සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේ දී විශේෂ පාගමනක් හා 1000ක සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය ජලභීතිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් හරිස්චන්ද්‍ර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසී ය.

මෙම වසරේ ජලභීතිකාවෙන් රෝගීන් 33ක් මරණයට පත් වී ඇත. බල්ලන් සපා කෑම වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 350ක් වැයකරන බවත් එන්නත් සඳහා වැය කරන මුදල  මිලියන 25ක් බවත් වඳ සැත්කම් සඳහා රුපියල් මිලියන 100ක් පමණ  වැයකරන බවත් වෛද්‍ය ලයනල් හරිස්චන්ද්‍ර මහතා පැවසී ය.

PR

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 03:57