Wednesday, Dec 13th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජනාධිපතිතුමා ඇමරිකාවට ගොස් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ස්වභාවය පෙන්නුවා

ජනාධිපතිතුමා ඇමරිකාවට ගොස් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ස්වභාවය පෙන්නුවා

  • පී.ඩී.එෆ් (PDF)
mp_nimal_siripalade_silwa_1
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
අතිගරු ජනාධිපතිතුමාට ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝග රාශියක් පැන නැඟී තිබිය දී පසුගියදා ඇමරිකාවට ගොස් කේසර සිංහයෙක් ලෙස විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ස්වභාවය පෙන්වමින් ජාතියේ ප්‍රොඪත්වය රැක ගැනීමට කටයුතු කළ බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ අද (28) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පලස්තීන ගැටලුවේ දී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ ස්ථාවරය පවා වෙනස් කර තිබිය දී ශ්‍රී ලංකා ජනාධිපතිතුමා පලස්තීනය සම්බන්ධයෙන් ගෙන තිබූ ස්ථාවරය වෙනස් කළේ නැහැ. නිව්යෝර්ක් සංචාරයේ දී විවිධ රාජ්‍ය නායකයින් හමු වී සාකච්ඡා කළා. විශේෂයෙන් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විවිධ රාජ්‍යයන්හි විදේශ අමාත්‍යවරු හමු වී ඩයස්පෝරාව හා ජාත්‍යන්තර වශයෙන් අපට එරෙහි ව තිබෙන බලවේග පරාජය කිරීමට මෙම ඇමරිකානු සංචාරය අවස්ථාවක් කර ගත් බව සඳහන් කළේය.

මෙම අවස්ථාවටට බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද එක් ව සිටියේය.

NDH

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:03