Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් රත්මලාන නාගරික ගුවන් තොටුපොළක් බවට

රත්මලාන නාගරික ගුවන් තොටුපොළක් බවට

  • පී.ඩී.එෆ් (PDF)
Priyankara_Jayarathna_2

රත්මලාන ගුවන් තොටුපොළ නාගරික ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

එහි ප්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍යවරයා පසුගියදා ගුවන්තොටුපොළ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

මෙරටට පැමිණෙන පෞද්ගලික ගුවන්යානා 30%කින් වර්ධනය වී ඇති අතර එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රත්මලාන ගුවන්තොටුපොළ නාගරික ගුවන්තොටුපොළක් බවට පත්කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

මෙම ගුවන්තොටුපොළ මෙරට බිහි වූ මුල් ම ගුවන්තොටුපොළ වන අතර, අභ්‍යන්තර ගුවන් ගමන් මෙන් ම මානුෂික මෙහෙයුම් කටයුතු පවතින අවස්ථාවේදී ඒ සඳහාද විශාල දායකත්වයක් මෙමගින් සපයන ලදී. රත්මලාන ගුවන්තොටුපොළෙහි ඇති තවත් වැදගත් අංගයක් වන්නේ ශ්‍රී ලංකාවට අයත් ගගන නාවික බල ප්‍රදේශය තුළට ඇතුළුවන සහ පිටවන ගුවන්යානා සඳහා ගගන නාවික සන්නිවේදන සේවා සපයන ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටීම බව අමාත්‍යවරයා එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.

මෙරට ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් පුළුල් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවත් දැනටමත් එහි විශාල ප්‍රගතියක් දැක ගත හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:53