Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් චීන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සමරු උත්සවය කොළඹදී

චීන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සමරු උත්සවය කොළඹදී

  • පී.ඩී.එෆ් (PDF)

ශී‍්‍ර ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය විසින් සංවිධානය කරන, චීන මහජන සමූහාණ්ඩුවේ 62 වන ජාතික දින සමරු උත්සවය අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (29) කොළඔ, නව නගර ශාලාවේදී පැවැත්වේ.

මෙවර සමරු උත්සවයේදී ශී‍්‍ර ලංකාව හා චීනය අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීම වෙනුවෙන් ගෞරවනීය මෙහෙයක නිරත වූ දෙරටේ විශේෂ පුද්ගලයන් දෙදෙනෙකුට සම්මාන පිරිනැමේ.

මෙලෙස ගෞරව සම්මාන පිරිනමන්නේ ශී‍්‍ර ලංකාවේ චීන තානාපතිනි යැං ෂියුපිං මහත්මිය (Yang Xiuping) සහ දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රිනී කුසුමා ගුණවර්ධන මැතිනිය වෙනුවෙනි.

62 වන ජාතික දිනය වෙනුවෙන් පාසල් සිසුන් හා විවෘත අංශ අතර පවත්වන ලද සමස්ත ලංකා ගද්‍ය, පද්‍ය හා දැනුම මිනුම තරගාවලියේ ජයග‍්‍රාකයන්ට ත්‍යාග හා සහතික පත් ප‍්‍රදානය කිරීම ද මෙදින සිදුකෙරේ.

ශී‍්‍ර ලංකාව හා චීනය අතර මිත‍්‍රත්වය වර්ධනය කිරීම සඳහා මාධ්‍ය මෙහෙය වූ දෙස් විදෙස් වෘත්තීය මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇගයීමට ලක්කර සම්මාන පිරිනැමීම ද මෙයට සමගාමීව සිදුකෙරේ.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:44