Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක අමද්‍යප දිනයට සුරාසැල් වැසේ

ලෝක අමද්‍යප දිනයට සුරාසැල් වැසේ

  • පී.ඩී.එෆ් (PDF)
Alcohol

ඔක්තෝබර් 3 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් දිවයින පුරා ඇති සියලු ම සුරා සැල් වසා දැමෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

මෙම නියෝග නොතකා කිසිදු සුරාසැලක් එදිනට විවෘත නොකරන ලෙස පැවසූ කොමසාරිස් ජනරාල්වරයා , නීති නොතකා කටයුතු කරනු ලබන පුද්ගලයින්ට එරෙහි ව නීතිමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා  සුරාබදු දෙපාර්තමේන්තු වැටලීම් නිලධාරීන් එදිනට වැටලීම් කටයුතුවල නියුතු වන බවද වැඩිදුරටත් පැවසීය.

ECB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:57