Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24, 25

තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24, 25

  • පී.ඩී.එෆ් (PDF)
Pavithra_wanniarachchi_s

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය මඟින් සංවිධානය කරනු ලබන තාක්ෂණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 24 සහ 25 දිනයන්හි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථිකය නඟාසිටුවන්න පියවර ගැනීමට තම අමාත්‍යංශයට උපදෙස් දී ඇතැයි ප්‍රකාශ කළ අමාත්‍යවරිය පර්යේෂකයින්, විද්‍යාඥයින් හා පර්යේෂණ ආයතන තම අමාත්‍යංශය සතු බැවින් රටේ ආර්ථිකය නඟාසිටුවීමේ වැඩපිළිවෙළකට යොමු වීමට තීරණය කළ බවද පැවසුවාය.

මෙම ප්‍රදර්ශනය මඟින් රටේ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් සමඟ එකට එකතු වී ක්‍රියාකිරීමට අවස්ථාවක් ලැබෙන බවත් එය ආර්ථිකයශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් වෙතැයි තමන් විශ්වාස කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම්වරිය ඇතුළු එම අමාත්‍යංශයට අයත් ආයතනයන්හි ආයතන ප්‍රධානීහු සහභාගි වුහ.

DB