Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විශ්වවිද්‍යාල නිදහස්, නිවහල්, ශීලාචාර ස්ථාන බවට පත් කරනවා

විශ්වවිද්‍යාල නිදහස්, නිවහල්, ශීලාචාර ස්ථාන බවට පත් කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය එස්.බී. දිසානායක
‍විශ්වවිද්‍යාල නිදහස්, නිවහල් සහ ශීලාචාර තැනක් බවට පත්කරන්නට සියලු කටයුතු කරනවා. මෙම වැඩසටහනට ලංකාවේ සිටින බුද්ධිමය සම්පත් මෙන් ම ශාරීරික සුවතා වැඩසටහන් සඳහා ඉහළ ම මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දායකත්වය ලබාගන්නවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (28) ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කෙරුණු ''ව්‍යවසායකත්ව සහ පරිපාලන සංවර්ධනය සඳහා වූ නායකත්වය'' වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

වෛරී දේශපාලනය නිසා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු අතපසු කරගන්නවා. ඒ නිසා තමයි මෙවැනි වැඩසටහන් හඳුන්වා දෙමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අලුත් අලුත් දේවල් දරුවන්ට හඳුන්වා දෙන්නේ.

අපට අවශ්‍ය සෑබෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යා තුළ පවතින විභවතා මතුකර ගනිමින් නිර්මාණශීලී පරිසරයක් සරසවිය තුළ ඇති කිරීම. විශ්වවිද්‍යාල තුළ පෙර පැවති බුද්ධිමය පරිසරය නැවත ඇති කිරීම බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසී ය.

මේ අවස්ථාවේ දී අදහස් දැක් වූ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා; ‘උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පැවැත් වූ නායකත්ව පුහුණුව මඟින් අපේ දරු දැරියන්ට දැනෙන වෙනසක් කරන්නට හැකි වුණා. ඒ බව රටේ ඕනෑ ම කෙනෙක් පිළිගන්නවා.

ඔබ අධ්‍යාපන සංග්‍රාමයක් කර විශ්වවිද්‍යාලයට තේරුණු බුද්ධිමත් දරුවන් පිරිසක්. ඒ නිසා නිසි නායකත්වය පිළිබඳ අවබෝධයක් තිබීම අවශ්‍යයි. වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය ගැන බැලුවා ම මේ නිසි නායකත්වය නොමැතිකම පිළිබඳ නිඳසුන් පෙනෙනවා. අතිගරු ජනාධිපතිතුමා තමයි හොඳ නායකත්ව ලක්ෂණ පිළිබඳ ඔබට නිවැරදි අවබෝධය ලබාගත හැකි හොඳ ම චරිතය බව  නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

මේ අවස්ථාවේ දී ශිෂ්‍ය සුබසාධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති මාවැල්ලගේ, ක්‍රීඩා හා කුසලතා සංවර්ධන අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය රංජිත් ප්‍රේමලාල්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය විජිත නානායක්කාර  මහත්වරු ද අදහස් දැක්වූහ.

PR