Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් අවුරුදු 60ක් කොළඹ පාලනය කළ එජාපයට කසල කළමනාකරණයට පුංචි ඉඩමක් වෙන් කරන්න බැරිවුණා

අවුරුදු 60ක් කොළඹ පාලනය කළ එජාපයට කසල කළමනාකරණයට පුංචි ඉඩමක් වෙන් කරන්න බැරිවුණා

  • පී.ඩී.එෆ් (PDF)

බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල
අවුරුදු 60කට ආසන්න කාලයක්  එජාපය කොළඹ මහ නගර සභාව පාලනය කළත් කොළඹ ජනතාව වෙනුවෙන් එක පුංචි ඉඩම් කැබැල්ලක් කසල කළමනාකරණයට වෙන් කරන්න ඔවුන්ට නොහැකි වුණා යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අද (28) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා එසේ පැවසීය.

නමුත් මේ වසර එක හමාර තුළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කොළඹ සුන්දර නගරයක් බවට පත් කරන්න හැකි වූණා. මේ මැතිවරණයේ දී නිවැරදි තීන්දුවක් ගැනීම පිළිබඳ ව කොළඹ ජනතාවට දැවැන්ත වගකීමක් පැවරිලා තිබෙන බව බස්නාහිර පළාත් සභා අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව මේ දිනවල කතා කරන්නේ කොළඹ ගැන විතරයි. අනෙක් මහ නගර සභා ගැන කතා නොකරන බවක් ඇතැම් පිරිස් ප්‍රකාශ කර ඇතැයි ගම්මන්පිල මහතා කීය.

එහි දී  අදහස් දැක් වූ ගම්මන්පිල මහතා කොළඹ සන්ධානයට ඉතා වාසි වන තත්ත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය ඇති කරන්න විපක්ෂ නායක උදව් වුණා. අද සන්ධාන ලැයිස්තුවේ උඩින් ම ඉන්නේ UNP එකේ කොළඹ හිටිය යෝධයෝ. UNPයේ හිටපු සියලු නායකයෝ අද සන්ධානයට එකතු වී ඇති බව ප්‍රකාශ කළේය.

NDH

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 12:20