Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සමීක්ෂණ අනුව ආයතන 23ම සන්ධානයට

සමීක්ෂණ අනුව ආයතන 23ම සන්ධානයට

  • පී.ඩී.එෆ් (PDF)
nimal_siripa_de_silva5

අමාත්‍ය නිමල් සිරිපාල
කරන ලද සමීක්ෂණ වාර්තා හා ලැබෙන තොරතුරු අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 23ම ජය්‍රහණය කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට හැකි වන බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ අද (28) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රචණ්ඩත්වය අවම වූ අවස්ථාවක් ලෙස මෙම මැතිවරණය පෙන්වා දෙන්න පුළුවන්. ගෙයින් ගෙට යාමේ වැඩපිළිවෙළ සාර්ථක ව එජනිස ක්‍රියාත්මක කරලා තියෙනවා. පෝස්ටර්, කටවුට් හා විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීමේ දී වැය කරන කෝටි ගණන් මුදල් මේ වැඩපිළිවෙළ නිසා අවම කර ගන්න පුළුවන් යැයි ප්‍රකාශ කළේය.

අපි කොළඹ නගරය ජයග්‍රහණය කරන්න විශාල පරිශ්‍රමයක් දරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකට ජීවත් වන කොළඹ නගරය ජයග්‍රහණය කිරීම ජාතික එකමුතුව සඳහා අවශ්‍යයි. කොළඹ ජනතාව පැල්පත්වලින් ඉවත් කරනවා කියන සටන් පාඨය විතරයි UNPයට තියෙන්නේ.  මේ පැල්පත්වලින් ජනතාව ඉවත් කරලා තට්ටු නිවාස හදලා ඒවායේ පදිංචි කරනවාට ඔවුන් කැමති නෑ. පැල්පත් ඉවත් කර ඒ ස්ථානවල ම හොඳ නිවාස හදලා ජනතාව පදිංචි කිරීමයි අපේ අපේක්ෂාව යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

NDH

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 11:56