Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් තැපැල් ඡන්දය අද උදේ 8ට ඇරැඹෙයි

තැපැල් ඡන්දය අද උදේ 8ට ඇරැඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)
postal_votes
මහ නගර සභා 17ක් එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5ක් වෙනුවෙන් පවත්වනු ලබන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (29) පෙරවරු 8.00ට ආරම්භ වේ.

මේ සඳහා සඳහා ඡන්ද දායකයින් 4505 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර තැපැල් ඡන්ද සලකුණු කිරීම පස්‌වරු 4.00 දක්‌වා සිදු කෙරේ. අද ඡන්ද භාවිත නොකරන අයට හෙට (30) ද ඡන්දය දීමේ අවස්ථාව ලැබේ.

රාජ්‍ය ආයතනවල පවත්වන ඡන්ද විමසීමට ඡන්දය දීමේ අවස්ථාව ලබා දී ඇත්තේ ඡන්ද විමසීම් රාජකාරි, අත්‍යවශ්‍ය සේවා සහ ආරක්ෂක රාජකාරී සඳහා සේවයේ යොදවා ඇති එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශ 23 හි ලියාපදිංචි ව සිටින ඡන්ද හිමියන්ට පමණි.

තැපැල් ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට පක්ෂ නියෝජිතයන්ට, පැෆරල් සංවිධානයට හා මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්‌ථානයේ නිලධාරීන්ට  මැතිවරණ මහ ලේකම් කාර්යාලය අවසර දී තිබේ.

Hc