Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ජලය ගැන අන්තර්ජාතික සමුළුව අද මහනුවර දී ඇරඹේ

ජලය ගැන අන්තර්ජාතික සමුළුව අද මහනුවර දී ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

''ප්‍රජාව හා ජල සේවා, තිරසර භාවිතයට ඇති අභියෝග" මැයෙන් තෙදින අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් අද (29) මහනුවර, ගන්නෝරුවේදී ආරම්භ වේ.

අද පෙරවරු 09.00ට  ගන්නොරුව,පැලෑටි හා ජාන තාක්ෂණ පර්යේෂණ ආයතනය දී ආරම්භ වන මෙම සම්මන්ත්‍රණය ඔක්තෝබර් 01 දක්වා පැවැත්වීමට නියමිතය.

ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික සම්මන්ත්‍රණය ආරම්භ වේ.

ලෝකයේ පිරිසිදු ජලය සඳහා ප්‍රවේශයක් නොමැති බිලියන 1.1ක ජනගහණයෙන් තුනෙන් එකක පමණ ප්‍රජාවක වාස භූමි වේ. බොහෝ ආසියානු රටවල වැඩිවන ජනගහණයත් සමඟ පිරිසිදු පානීය ජලය හා සනීපාරක්ෂාව ලබාගැනීමේ හැකියාවක් නොමැත.

පානීය ජලය සනීපාරක්ෂාව හා ප්‍රජා ජල ව්‍යාපෘතිවල ඉදිරි අභියෝග පිළිබඳ ව කථිකාවක් ගොඩනැගීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ. එමඟින් කලාපයේ ප්‍රජාවගේ දැනුම, පළපුරුද්ද හා යහපත් ක්‍රියා හුවමාරු කරගැනීමට මෙම සම්මන්ත්‍රණයෙන් හැකියාව ලැබේ.

ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය, ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ප්‍රජා ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය සහ ලංකා වැසි ජලය රැස් කරන්නන්ගේ සංසදය මෙම තෙදින සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ.

PR