Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් රටක ආර්ථික සංවර්ධනයේ දී මාර්ග පද්ධතිය ඉතා වැදගත්

රටක ආර්ථික සංවර්ධනයේ දී මාර්ග පද්ධතිය ඉතා වැදගත්

  • පී.ඩී.එෆ් (PDF)
cabinet_press_2011-09-29

අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල
රටක ආර්ථික සංවර්ධනයේ දී මාර්ග පද්ධතිය ඉතා වැදගත් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද (29) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ මොහොත වන විට රටේ සියලු ම මාර්ගවල ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි. පොදු ප්‍රතිපත්තියක් අනුව සෑම දිස්ත්‍රික්කයක ම අතුරු මාර්ග කාපට් කිරීම හෝ කොන්ක්‍රීට් කිරීම සිදු කරනවා යැයි පැවසීය.

කෘෂිකාර්මික රටක් ලෙස ජල සැපයුමේ අවශ්‍යතාවක් පවතිනවා. යල, මහ කන්න ඉලක්ක කර ගනිමින් වාරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. මහා මාර්ග ප්‍රතිසංස්කරණය හා ජල අවශ්‍යතා සැපයීම අපේ රටේ ආර්ථික සංවර්ධනය හා සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්ම සඳහා ඉතා වැදගත්. එම නිසා එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුදල් වෙන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ද එක් ව සිටියේය.

NDH/ Photo- P.D. Ranjith