Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක්

ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් විශේෂ ධර්ම දේශනාවක්

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 01ට යෙදී තිබෙන ජාත්‍යන්තර ළමා දිනයට සමගාමී ව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය ජාතික රූපවාහිනිය සමඟ එක් ව ළමයින් වෙනුවෙන් ධර්ම දේශනාවක් ඔක්තෝබර් 02 දින ප.ව 5.00ට ජාතික රූපවාහිනියේ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම විශේෂ ධර්ම දේශනය පවත්වන්නේ පැපිලියාන සුනේත්‍රාදේවි රජමහා විහාරයේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ විසිනි.

ළමයින්ට විශේෂ වූ ළමා මනස සංවර්ධනයට, ඔවුන්ගේ යහපැවැත්මට, අධ්‍යාපනික දියුණුව මෙන් ම අධ්‍යාත්මික දියුණුව, වැඩිහිටියන්ට, ගුරු දෙගුරුන්ට ගරු කිරීම වැනි යහපත් ගති පැවතුම් සඳහා ඉවහල් වන කරුණු හා ළමා මනස පෝෂණය කර ගැනීම සඳහා අවශ්‍ය දහම් කරුණු මෙම ධර්ම දේශනාවට පාදක කර ගනු ඇත.

මෙම වැදගත් අවස්ථාව පැහැර නොහැර ළමයින්ට නැරඹීමට අවස්ථාව සලසා දෙන මෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය සියලු වැඩිහිටියන්ගෙන් හා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

NDH