Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් වෙනත් පක්ෂවල බෙදීම් හෝ ගැටුම්වලට උත්තර දෙන්න අවශ්‍යතාවක් නෑ

වෙනත් පක්ෂවල බෙදීම් හෝ ගැටුම්වලට උත්තර දෙන්න අවශ්‍යතාවක් නෑ

  • පී.ඩී.එෆ් (PDF)
cabinet_press_2011-09-29

ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය

ජවිපෙ ප්‍රශ්නය පක්ෂයේ අභ්‍යන්තර ගැටුමක් බවත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ලෙස වෙනත් පක්ෂවල බෙදීම් හෝ ගැටුම්වලට උත්තර දෙන්න අවශ්‍යතාවක් හෝ අයිතියක් නැති බවත් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍ය‍වේදියෙකු ජවිපෙ බෙදීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ ගොල්ලන්ගෙ රණ්ඩු එයාලා විසඳා ගනීවි. කොටස්වලට බෙදුණත් තීන්දු තීරණ ගන්නා කණ්ඩායම නිල වශයෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගන්නේ නම් එම කොටස පිළිගැනීමයි රජයක් ලෙස අපේ වගකීම. අපි පැත්තක් ගන්නේ නෑ. පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීම පිළිබඳ අපේ එකඟත්වයක් නැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/ Photo- P.D. Ranjith