Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කිරීමේ මධ්‍යස්ථානයක් කුරුණෑගලට

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීය කිරීමේ මධ්‍යස්ථානයක් කුරුණෑගලට

  • පී.ඩී.එෆ් (PDF)

මධ්‍යම පරිසර අධිකාරිය හා කුරුණෑගල මහනගර සභාව පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ ආදර්ශ මධ්‍යස්ථානයක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා සහ කුරුණෑගල නාගරික කොමසාරිස් ජී.කේ.එස්. චන්ද්‍රලතා මහත්මිය අවබෝධතා ගිවිසුම මධ්‍යම පරිසර අධිකාරියේ දී පසුගිය දා අත්සන් තැබුහ.

මේ අනුව මධ්‍යම පරිසර අධිකාරිය රුපියල් මිලියන 6ක වියදමින් ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය ආරම්භ කෙරේ.

පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධ වෙමින් පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ආදර්ශ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගැනේ.

ඒ යටතේ මූලික අදියර සඳහා කුරුණෑගල, බලංගොඩ සහ අනුරාධපුරය මහනගර සභා තෝරා ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය මඟින් මූල්‍යමය සහ තාක්ෂණික ආධාර ලබාදීමට මධ්‍යම පරිසර අධිකාරියේ පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය කටයුතු කරනු ලබයි.

කුරුණෑගල නගරසභා බල ප්‍රදේශයේ එක්රැස්වන ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන සුන්දාපොළ ප්‍රදේශයේ නව ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

PR