Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් මාර්ගය ගැන සෙවීමට කමිටුව අද සිංහරාජයට

මාර්ගය ගැන සෙවීමට කමිටුව අද සිංහරාජයට

  • පී.ඩී.එෆ් (PDF)

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත ව මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ ව ඇති ව තිබෙන තත්ත්වය පිළිබඳ ව කරුණු අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ඒ පිළිබඳ ව කරුණු සොයා බැලීමට අද (29) සිංහරාජයට ගොස් ඇතැයි  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර වාර්තාවක් පරිසර අමාත්‍යවරයාට ලබාදීමට නියමිත බව සභාපති චරිත හේරත් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසී ය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් දෙදෙනෙකු, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි මෙම කමිටුව සමන්විත වේ.

මාර්ගය පිළිබඳ ව ඇති වී ඇති තත්වය මේ වනවිට කළමනාකරණය කරගැනීමට හැකි වූ බව ද සභාපතිවරයා පැවසී ය.

මේ පිළිබඳ ව කරුණු සොයා බැලීමට නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකරන බවත් එහි වාර්තාව ලැබීමෙන් අනතුරු ව ඉදිරි කටයුතු සිදු කෙරෙන බව පසුගිය 17 වැනිදා මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසා තිබිණි.

මේ වනවිට පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉලුඹකන්ද සිට සූරියකන්ද දක්වා අදාළ මාර්ගයේ ඉදිකිරීම් නවතා දැමීමට කටයුතු කර ඇත.