Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් තැපැල් ඡන්දය සාමකාමී ව, සාර්ථක ව පැවැත්වුණා

තැපැල් ඡන්දය සාමකාමී ව, සාර්ථක ව පැවැත්වුණා

  • පී.ඩී.එෆ් (PDF)
pafral

පැෆරල් සංවිධානය

අද උදැසන (29) ආරම්භ වූ  පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියවකින් තොර ව සාර්ථක ව පැවැති බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

ෆැපරල් සංවිධානය ඡන්ද මධ්‍යස්ථන 63ක නිරීක්ෂණ කටයුතු සිදුකළ බව රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.

නාම යෝජනා ලබාදීමෙන් අනතුරු ව ප්‍රචණ්ඩක්‍රියා 65ක් වාර්තා වී ඇති බව සඳහන් කළ ඒ මහතා ඡන්ද ප්‍රචාරක පෝස්ටර් සහ කටවුට් නාගරික ප්‍රදේශවල ඉවත්කර කර තිබුණත් අතුරු මං මාවත්වල තවමත් පෝස්ටර් සහ කටවුට් දැකිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මහ නගර සභා 17ක් එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5ක් වෙනුවෙන් පවත්වනු ලැබූ පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (29) පෙරවරු 8.00ට ආරම්භ වී සවස 4.00ට අවසන් විය.

PR