Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් කුරුණෑගල කැළිකසල ගැටලුවලට විසඳුම්

කුරුණෑගල කැළිකසල ගැටලුවලට විසඳුම්

  • පී.ඩී.එෆ් (PDF)
anura_priyasarshana_yapasss

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජනනය වන කැළිකසල ආශ්‍රිත ව පැනනැඟී ඇති ගැටලුවලට ස්ථීරසාර විසඳුමක් ලබාදීම කෙරෙහි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ අවධානය යොමු වී ඇත.

දැනට එම ප්‍රදේශයේ දෛනික ව එකතුවන කැළිකසල බැහැරලන ස්ථානය ආශ්‍රිත ව නිර්මාණය වී ඇති සමාජීය ප්‍රශ්න සොයා බලා ඒවාට නිසි විසඳුම් ලබාදීම සඳහා පරිසර අමාත්‍යවරයා හෙට (01) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නියැළීමට නියමිතය.

එමෙන් ම, පසුභාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ජාතික ව්‍යාපෘතිය මඟින් ප්ලාස්ටික් හා පොලිතීන් එක්රැස් කිරීමේ සහ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක්  සුන්දිරාපොළ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ද සිදු කෙරේ. මෙම ව්‍යාපෘති මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරයි.

PR