Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ලෝක ජලභීතිකා දින උළෙල පොලොන්නරුවේ

ලෝක ජලභීතිකා දින උළෙල පොලොන්නරුවේ

  • පී.ඩී.එෆ් (PDF)

2011 ලෝක ජලභීතිකා දිනය වෙනුවෙන් වන ජාතික උත්සවය පොලොන්නරුවේ, බුද්ධි මණ්ඩපයේ දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතය.

පා ගමනක් හා දහසකගේ සහභාගීත්වයෙන් සම්මන්ත්‍රණයක් අද පොලොන්නරුවේ පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජලභීතිකා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලයනල් හරිස්චන්ද්‍ර මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසී ය.

ලෝක ජලභීතිකා දිනයේ මෙවර තේමාව ''2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්, සියලු සුනඛයින් එන්නත් කරමු යන්නයි.''

PR