Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් දොම්පේ පොලීසිය අසල නොසන්සුන්තාවක්

දොම්පේ පොලීසිය අසල නොසන්සුන්තාවක්

  • පී.ඩී.එෆ් (PDF)

දොම්පේ පොලීසිය අසල නොසන්සුන් තත්ත්වයක් උද්ගත ව ඇතැයි වාර්තා වේ.

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලීසිය වෙත රැගෙන ඒමේදී සැකකරු පැනයාමට උත්සාහ දරා ඇති අතර එහි දී ඔහු අනතුරට ලක් වී ඇත.

සැකකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මැක්සි ප්‍රොක්ටර් මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පිරිසක් පොලීසිය අසල කලහකාරී ලෙස හැසිරීම මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 05:16