Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ළමා චිත්‍රපට සතිය අදින් අවසන්

ළමා චිත්‍රපට සතිය අදින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)
Saroja

ලෝක ළමා දිනට සමගාමී ව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරන ලද ළමා චිත්‍රපට සතිය අදින් අවසන් වේ.

ඒ අනුව අද (30) සෝමරත්න දිසානායක මහතා‍ගේ ‘සරෝජා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.

පසුගිය 26 වැනි දා සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ පිහිටි NFC සිනමා ශාලාවේදී පස්වරු 3.30 සිට පස්වරු 5.30 දක්වා මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා කටයුතු සංවිධානය කර තිබිණි.

ළමා නිවාසවල නේවාසික ව සිටින ළමුන් සහ තෝරාගත් පාසැල් කිහිපයක ළමුන්ට මෙන් ම ඊට අමතර ව දිනකට දරුවන් 75 දෙනෙකුට ද මෙම චිත්‍රපට නැරඹීම සඳහා අවස්ථාව හිමි විය.

KMB

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 07:24