Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් මැතිවරණයක දී දේශපාලන පක්‍ෂ අතර හොඳ තරගයක් තිබිය යුතුයි

මැතිවරණයක දී දේශපාලන පක්‍ෂ අතර හොඳ තරගයක් තිබිය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)
susil_prem

-අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත
එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී ඇති තත්ත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හොඳ තත්ත්වයක් වුවත්, රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ දී දේශපාලන පක්‍ෂ තිබිය යුතු බවත්, මැතිවරණයක දී දේශපාලන පක්‍ෂ අතර හොද තරගයක්, හොඳ සටනක් තිබිය යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

එහෙත් අද එවැනි තරගයක් සමඟ දේශපාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයින් අතර පමණක් බවත්, එක්සත් ජාතික පක්‍ෂයේ මුල් පෙළ නායකයින් නිසා අද වන විට එක්සත් ජාතික පාක්ෂිකයින් ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත් වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ බොහෝ පිරිසක් මේ වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය දා පැවති ජනහමුවක් අමතමින් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙම අදහස් දැක්වීය.

එළැඹෙන පළාත් පාලන ආයතන 23ක මැතිවරණයේ දී එම සියලු ම ආයතනවල ජය ලබාගැනීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉලක්කය බව ද අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

saku