Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ජාතික සෞඛ්‍ය සතියක් ඔක්: 3 සිට 9 දක්වා

ජාතික සෞඛ්‍ය සතියක් ඔක්: 3 සිට 9 දක්වා

  • පී.ඩී.එෆ් (PDF)

සෞඛ්‍ය අමත්‍යාංශය ඔක්තෝබර් 3 සිට 9 දින දක්වා ''ජාතික සෞඛ්‍ය සතියක්'' ක්‍රියාත්මක කරන අතර ඊට සමගාමී ව දීප ව්‍යාප්තව ''මදුරු මර්දන සතිය'' ද ක්‍රියාත්මක කෙරේ.

මේ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද (30)කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.

රජය මෙවැනි සෞඛ්‍ය සතියක් ප්‍රකාශයට පත්කරන ප්‍රථම අවස්ථාව මෙය බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසී ය. මෙම සතියේ දී ‘සෞඛ්‍ය‘ නමින් ප්‍රකාශනයක් එළි දැක්වීමට නියමිත බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

සෞඛ්‍ය සතියේ ප්‍රථම දිනය (ඔක්: 03) ''මහජන සේවක සබඳතා දවස ''ලෙස නම් කෙරේ. මෙහිදී සෑම මැතිවරණ කොට්ඨාසයක් ම ආවරණය වන පරිදි මහජන නියෝජිතයින් ද සම්බන්ධ වී අදාළ රෝහලේ මෙදින වැඩසටහන දියත් කරන බව අමත්‍යවරයා  කීය.

දෙවැනි දිනය (ඔක්: 04) ''සුපිරිසිදු දවස ''ලෙස නම් කර ඇත. මෙදින  සමස්ත කාර්ය මණ්ඩල සහභාගීත්වයෙන් ශ්‍රමදාන, සේවා ස්ථාන පිරිසිදු කිරීම් හා අනවශ්‍ය දෑ බැහැර කිරීම විධිමත් කෙරේ.

තුන්වැනි දිනය (ඔක්: 05) ‘‘දැනුවත් දවස‘‘ ලෙස නම් කෙරේ. මෙදින පාසල් දරුවන් දැනුවත් කිරීම, සෞඛ්‍ය දේශන පැවැත්වීම වැනි අධ්‍යාපනයට සම්බන්ධ වැඩසටහන් පැවැත්වේ.

හතරවැනි දිනය (ඔක්: 6) ''විපරම් දවස''ලෙස නම් කර ඇත. මෙදින රාජ්‍ය, පළාත් පාලන, පළාත් සභා, අමාත්‍යාංශ ඒකාබද්ධ ව ග්‍රාමීය හා ප්‍රාදේශීය මට්ටමින් විපරම් සේවාවන් දියත් කිරීම, විශේෂයෙන් රෝගීන්, දුබල වූවන්, සහන අවශ්‍යතා ඇති අය හඳුනාගෙන වාර්තා ලබා ගැනීම සිදු වේ.

පස්වැනි දිනය (ඔක්: 7) ''නිවාරණ දවස '' ලෙස නම් කෙරේ. මෙදින බෝ නොවන රෝග ඒකකය හා එක් ව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කර ක්ෂේත්‍ර සේවා
දිනයක් ලෙස කටයුතු කිරීම හා සෞඛ්‍ය සංවර්ධන ක්‍රීඩා වැඩසටහන් පැවැත්වීම සිදු වෙයි.

පස්වැනි දවස (ඔක්: 08) ''අගයන දවස'' ලෙස නම් කෙරේ. මෙදින සෞඛ්‍ය සේවාවන්ට විශේෂිත නව සොයාගැනීම්, පර්යේෂණ, සේවා දක්ෂතා ඇගයීම්, දත්ත රැස් කිරීම හා තොරතුරු වර්තාකරණය කිරීම සිදු කෙරේ.

හයවැනි දිනය (ඔක්: 09) ''සැමරුම් දවස'' ලෙස නම්කර ඇත. මෙදින ආගමික හා ශාසනික කටයුතු, ලේ දන්දීම වැනි පුණ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

අවසන් දිනය (ඔක්: 10) ''වින්දන දවස '' ලෙස නම්කර තිබේ. මෙදින සමස්ත සුව සේවාවන්හී කලා කුසලතා සම්මිශ්‍රණය වූ සංස්කෘතික වැඩසටහන් පවත්වා සෞඛ්‍ය සේවයේ අනන්‍යතාව, අභිමානය හා කණ්ආයම් හැඟීම විදහා පෑම සඳහා කටයුතු කෙරේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහභාගී වූහ.

PR