අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා
එජාපයට දැන් නිසි නායකත්වයක්, වැඩපිළිවෙළක් හා වැඩ කිරීමේ හැකියාවක් නැති බවත් එජාපය කරන්නේ කුලල් කා ගැනීමක් බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
පරිසර අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (30) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා එළැඹෙන මැතිවරණය ලංකා දේශපාලනයට ඉතා වැදගත් ක්‍රියාවලියක්. විශේෂයෙන් නාගරික ජනතාවට වැදගත් වෙනවා. බිම් මට්ටමේ සිට සමාජයේ සෑම තරාතිරමක ම ජනතාව ආමන්ත්‍රණය කරමින් ක්‍රමවත් මැතිවරණ ක්‍රියාදාමයක් ආරම්භ කර තියෙනවා. අපි ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ සාර්ථක සංවර්ධන වැඩපිළිවෙළක නිරත වී සිටින බව මහජනතාව දන්නවා යැයි ප්‍රකාශ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා සනත් ජයසූරිය යන මහත්වරු එක් වූහ.
NDH