Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සියලුදෙනාට ගෞරවාන්විත ව ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් ඇති කරන්න අපි කටයුතු කරනවා

සියලුදෙනාට ගෞරවාන්විත ව ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් ඇති කරන්න අපි කටයුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)
eksathjanata_sandana_press_3

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
සියලු දෙනාගේ අනාගතය උසස් කර ගෞරවාන්විත ජීවන තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.


මෙහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා; එළැඹෙන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය පැහැදිලි දර්ශනයක් ඇති ව ඉදිරිපත් වෙලා සිටිනවා. විනිවිදභාවයෙන් යුතු ව ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පක්ෂය විසින් මැතිවරණයට දක්ෂ, උගත්, බුද්ධිමත් අපේක්ෂක කණ්ඩායමක් තෝරා ගෙන ඉන්නවා යැයි ප්‍රකාශ කළේය.

අද තරුණ පිරිස දේශපාලනයට ඇවිත්. රටේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී ඒ සඳහා උරදුන්නේ තරුණ පිරිස. එවැනි තත්ත්වයක් තුළ නාගරික ප්‍රදේශවල ගැටළු විසඳීමටත් තරුණ පිරිසට හැකියාවක් තිබෙන බව සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෝසත් පවුල්වල පිරිස් ජීවත් වන ප්‍රදේශ කුරුඳුවත්ත වෙන කොට දුප්පත් ජනතාවගේ ගම් කෙසෙල්වත්ත, බෝක්කුවත්ත, සෝමාලියාව යනුවෙන් හඳුන්වන බවත් ඒ තත්ත්වය වෙනස් කළ යුතු බවත් අවධාරණය කළේය.

NDH