Tuesday, Sep 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)
PM_DM_J
අදට (30) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.

ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට කැටි කොට සොබාදහම නිමැවූ සොඳුරුතම මෙවලම වන්නේ ආදරණීය දරුවන් ම බව සිහිපත් කරමින් ලෝක ළමා දිනයට මේ සුබ පැතුම් පිරිනමන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

අද ඔබේ ඇකයේ හිනැහෙන, මේ ආදරණීය කුඩා මුහුණු, හෙට දවසේ අනාගතය භාර ගන්නට සිටින අභිමානවත් වැඩිහිටියන් ම බව සිහිතබා ගනිමින්, ඔවුන්ගේ ලෝකය වෙත හෘදයාංගම ව හැරී බැලීමට මේ හොඳ ම මොහොත බව මාගේ විශ්වාසයයි.

30 වසරක ශාපලත් යුද්ධය හේතුවෙන් රටටත් දැයටත් අහිමි වූ මල් කැකුළු භක්තිමත් ව මෙනෙහි කරමින් ද, තුවක්කුවේ අඳුරු දුමාරයෙන් වැසී ගිය ඒ ළමා ළපටින්ගේ අනාගතය සකසුරුවම් කරවීමේ වගකීම භාර ගනිමින් ද, අප අර්ථපූර්ණ ලෙස ළමා දිනය සැමරිය යුතු බව මගේ හැඟීමයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ සෙවණේ ළමා විය ගත කරන ‍රටේ සියලු ම දරු දැරියන්ගේ ආරක්ෂාවත්, අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය තහවුරු වන සේ සියලු දෙමාපියන් වැඩිහිටියන් ප්‍රමුඛ ව සමස්ත සමාජය ම ක්‍රියාකළ යුතු අතර ඊට අවශ්‍ය සදාචාරමය හා නෛතික පසුබිම සැකසීමට රජය නිරන්තරයෙන් කැප වී සිටින බව ද මෙහි දී අවධාරණය කරමි.

ආදරණීය දුවේ පුතේ, ඔබේ සිනහවෙන් සමස්ත සමාජය ම යළි උපන්නේ වෙයි.

saku