Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here පුවත් ‘පොපි මල් දිනය’ වෙනුවෙන් නාවික හමුදාවෙන් උත්සවයක්

‘පොපි මල් දිනය’ වෙනුවෙන් නාවික හමුදාවෙන් උත්සවයක්

  • පී.ඩී.එෆ් (PDF)
poppy_day

ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් ‘පොපි මල් දිනය’ වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (01) පෙරවරුවේ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙහිදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩී.ඩබ්.ඒ.එස්. දිසානායක මහතාට පොපි මලක් පැළඳවීම සිදුකෙරේ.

1921 වසරේදී ආරම්භ වූ පොපි දිනය සෑම වසරක ම නොවැම්බර් මස 11 වන දිනට යෙදේ. ලොව පුරා රටවල මෙම දිනය සමරන අතර පොපි මල් විකිණීමෙන් ලැ‍බෙන ආදායම රණවිරුවන්ගේ පවුල්වල සුබසාධනය සඳහා ‍යෙදවීමට පියවර ගැනේ.

පළමුවන ලෝක මහා සංග්‍රාමයේදී මියගිය සොල්දාදුවන් මිහිදන් කරන ලද බිමෙහි තද රතු පැහැති පොපි මල් පිපුණු බව ජනප්‍රවාදයේ පැවත එයි.

යුද්ධය අවසාන වී මාස කීපයකට පසු  යුද්ධයෙන් මියගිය සොල්දාදුවන්ට ගෞරව කිරීම වෙනුවෙන් ඇමරිකානු ජාතික කාන්තාවක වන මොයිනා මිෂල් විසින් පොපි මලක් පැළඳි අතර ඉන් අනතුරු ව යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සැමරීම සඳහා සංකේතයක් ලෙස පොපි මල භාවිත විය.

1922 දී පොපිමල් නිෂ්පාදනාගාරයක් ලන්ඩන් නුවර පිහිටවන ලද අතර එය ලොව පුරා පොපි මල් ව්‍යාපාරය ව්‍යාප්ත වීමට හේතු විය.

KMB