Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් අග්‍රාමාත්‍යතුමාගේ ලෝක වැඩිහිටි දින පණිවිඩය

අග්‍රාමාත්‍යතුමාගේ ලෝක වැඩිහිටි දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)
DMU

"වැඩිහිටි ලෝකය එළිය කරමු " යන තේමාවෙන් යුතුව සමරණ 2011 ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් මේ සුබ පැතුම් පිරිනමන්නේ හෘදයාංගම හැඟුමෙනි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 9.6% ක් වැඩිහිටියන් බව මේ වන විට අනාවරණය වී ඇත.

තව වසර 39කින් එනම් 2050 වර්ෂයේදී එම ප්‍රමාණය 25% දක්වා වර්ධනය වනු ඇති බවට අනුමාන කෙරේ. එම තත්ත්වය ඉලක්කමක් ලෙස ගෙන අමතක කොට දැමීම වෙනුවට, වැඩිහිටි ප්‍රජාවගේ සුබසාධනය හා ඔවුනගේඅවශ්‍යතාවන් සපුරාලන සමාජයක් නිර්මාණය කරලීම මේ මොහොතේ ඔබත් - අපත් හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය බව මාගේ විශ්වාසයයි.

තම දුවා දරුවන්ගෙන් ලැබිය යුතු ආදරය, දයාව, කරුණාව වෙනුවට ඔවුන්ගේ කෲරත්වය හා නොසලකා හැරීමට භාජනය වන වැඩිහිටියන් ප්‍රමාණය දිනෙන් දින ම ඉහළ යමින් පවතින අතර එවන් සිද්ධීන් පිළිබඳ ව දෛනික ව පැමිණිලි 10ක් පමණ වැඩිහිටියන්ගෙන් ලැබෙමින් පවතින බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය පසුගියදා ප්‍රකාශ කර තිබිණ. එවැනි පුවත් අසන්නට ලැබීම පවා අප කම්පනයට පත් කරවන්නක් වන අතර ඊට හේතු සෙවිය යුත්තේ තම තමන්ගේ හෘද සාක්ෂිය විමසීමෙන් පමණක් බව ද මා මේ මොහොතේ සිහිපත් කිරීමට කැමැත්තෙමි.

වැඩිහිටි දිනය තුළ හෝ වැඩිහිටි ලෝකය තුළ ඔවුන් තනිකර දැමීම වෙනුවට දයාවේත්, සෙනෙහසේත් දෑත් ඔබේ ආදරණීය වැඩිහිටියන් වෙත දිගු කරන්නැයි මම ඔබට යෝජනා කරමි.

saku