Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

අපේ නිෂ්පාදනවලින් ලෝකය ජය ගන්න අපට පුළුවන්

  • පී.ඩී.එෆ් (PDF)
he_the_president_1

- ජනපති

විදේශයෙන් සියලු දෑ ගෙන්වීමට හැකිය යන මානසිකත්වයෙන් මිදී අපේ නිෂ්පාදන තුළින් ලෝකය ජයගැනීමට අපේ ගොවියා සහ කර්මාන්තකරුවා සූදානම් විය යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.

එදා ස්වයංපෝෂිත ආර්ථිකයකට හිමිකම් කියූ අපට ඒ සඳහා ශක්තිය ඇතැයි අද (25) අරලියගහ මන්දිරයේ පැවති සූර්ය සිංහ ජාතික මහෝත්සවය අමතමින් ජනාධිපතිතුමා පැවසීය.

මෙහිදී දේශීය සමාගම් 36ක් ජනාධිපතිතුමා අතින් සූර්ය සිංහ සහතික පත‍්‍ර ලබාගත් අතර සූර්ය සිංහ ස්වර්ණ තිළිණ විශේෂ සම්මාන 3ක් ද ජනාධිපතිතුමා අතින් පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම රජය දේශීය ගොවියා සහ දේශීය කර්මාන්තකරුවා කෙරෙහි දැඩි විශ්වාසය තබා කටයුතු කරන බවයි. ඔවුන් ද කොටස්කරුවන් බවට පත්කර ගනිමින්  ආර්ථිකය සංවර්ධනය කිරීමේ මෙහෙයුම දැන් අරඹා ඇතැයි ද එතුමා මෙහිදී පැවසීය.

‘ලෝකයේ බොහෝ රටවල් නැගීසිටියේ තම නිෂ්පාදන කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කළ නිසයි. අපේ දේවල් පිළිබඳව අප ද ආඩම්බර විය යුතුය. අපි අපේ ශක්තිය පිළිබඳව විශ්වාසය තැබිය යුතු බව ද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකාව ක‍්‍රමානුකූලව ස්වයංපෝෂිත රටක් බවට පත්වෙමින් සිටින බවත්, ඒ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් අවධාරණය කළේය.

KMB