Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් සංරක්ෂණ

‘රාජ්‍ය ‍සේවක උපහාර’ නිවාස වැඩසටහනට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහය

  • පී.ඩී.එෆ් (PDF)

‘ජන සෙවණ’ රාජ්‍ය සේවක උපහාර නිවාස වැඩසටහන සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද එක් වු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වන විටත් මහජන බැංකුව හා ලංකා බැංකුව මෙම වැඩසටහනට එක් ව ඇත.

මේ යටතේ රුපියල් ලක්ෂ 05ක උපරිමයක් දක්වා නිවාස ණය ප්‍රදානය කෙරේ. උතුරු නැගෙනහිර ඇතුළු මුළු දිවයින ම ආවරණය වන පරිදි මෙම රාජ්‍ය සේවක උපහාර නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ.

ඒ අනුව 2011 වසර ඇතුළත දී රාජ්‍ය සේවකයින් 20,000ක් වෙනුවෙන් නිවාස ණය ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සැලසුම් කොට ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අවම කොන්දේසි ප්‍රමාණයකට යටත් වෙමින් නිවාස ණයක් ලබා ගැනීමේ පහසුතාවය තිබීමයි.

DB